මතය: ප්රබුද්‌ධ - සමරු පොත
UDA එකේ අද SALE එකක්. මම දවල් කන්‌න යනකොට ගුනසේන පොත් මැස්‌සක් දැක්‌කා. අානන්‌දවර්‌ධනයන් මට නිර්‌දේශ කරපු පොත් කීපයක් තියනවාද කියලා බලන්‌න ගියා මම පොත් මැස්‌සට. මහගමසේකරයන්‌ගේ ප්රබුද්‌ධ පොතක් තිබුනා. රුපියල් 230 (10% වට්‌ටමක් දෙනවා කිව්‌වා). වැඩ ටිකක් තිබ්‌බා හැබයි පොත කියවනන්‌ම හිතුනා.
පොත කියවන ගමන් මට හිනා යන්‌න ගියා. කාර්‌යාලයේ ඉන්‌න කට්‌ටිය මගේ දිහා බලා "මොකෝ තනියම හිනා වෙන්‌නෙ" කියලා අැහුවා. මම ඉතින් කියෙව්‌වා කවියක් දෙකක්. හාස්ය රසය!
".....
මේ!
බලන්‌න මගෙ සමරු පොතේ
මුලට ම මම ලිව්‌වේ එ් දෙපදය.අනේ! මගේ සමරු පොතේ
මොනවා හරි ලියා දෙන්‌න!"ප්රබුද්‌ධ පොත ගෙන පෙරළා බැලී ය.
නොයෙක් දෙන ලියා දුන්
නොෙයක් වග වාසගම් එහි විය.'ඔබට සදා ජය!'
'ඔබේ පැතුම් ඉටු වූ දින
මා අමතක නො කරනු මැන!'
'සොයන්‌නාට සම්‌බ වේ!'
'අාදරය මිහිරි වේදනාවකි'
"මේ වාගේ දේ ලියන්‌න
මම දන්‌නේ නෑ ළමයෝ!
මම ඔ්‌න්‌නම් නම ලියලා දෙන්‌නම්.""අනේ එපා!
ඔච්‌චර ලොකු කෙනෙකුට
අැයි බැරි මොකවත් ලියන්‌ඩ?
මොනවා හරි ලියන්‌ඩ නං ඔ්‌නෑ මයි
මීට පළමු කාටවත් ම නො ලිවි දෙයක්"ප්රබුද්‌ධ හිස් පිටුවක
තම නම හා දිනය ලිවී."අයියෝ! හරි නරකයි"
- shehal's blog
- 823 reads


Comments
Post new comment